සිංදුපීඩියා යනු දරුවන්ගේ දැනුම, යහගුණ, රසවින්දනය වැඩිදියුණු කිරීම උදෙසා නිර්මාණය කරන ලද අධ්‍යාපනික, සෞන්දර්ය්‍යාත්මක, බහුමාධ්‍ය සජීවීකරණ නිර්මාණයකි.
- සමනලූන්ට ටිකක් තියදරුවා තුළ ආදරය, කරුණාව, සානුකම්පිත බව, සතිමත් බව, වරදට සමාව දීම, ආදී යහපත් ආකල්ප මනසේ තැන්පත් කරවීමට සැකසුණු ගීතයකි.
 - සිරිලංකා මගෙ ලංකා මං ආදරෙයිරටේ අනාගත පරපුර වශයෙන් රට ගැන ආදරණීය හැඟීම් යහපත් ආකල්ප ඇතිව වැඩෙන්නට, අනාගතයේ යහපත් පුරවැසියන් වීමට පෙළඹවීම සඳහා නිර්මාණය වූ ගීතයකි.
 - සඳ කිරණේ හැංගිලාදරුවන්ගේ මනසේ චමත්කාරය ඇතිකරවීම සඳහා සැකසුණු ගීතයකි.  
 - ගොයම් ගීතයවර්තමානයේ හැදෙන වැඩෙන දරුවන්ට වී වගාව සිදුවන ආකාරය, අපට බත් ලැබෙනහැටි, ඒ සඳහා වෙහෙස මහන්සි වන ආකාරය ආදිය පිළිබඳ හැඟීමක් ඇතිකරවීමට සැකසූ නිර්මාණයකි.
 - පුංචි පුංචි පුංචි ළමයකුඩා දරුවන්ගේ රසාස්වාදය මූලික කොට සැකසුණු ගීතයකි.  
 - හීන කෝච්චියකුඩා දරුවන්ගේ රසාස්වාදය මූලික කොට සැකසුණු ගීතයකි.  
 - වහුපැටියාගමක සුන්දරත්වය ළමා ලෝකය මව-දරු සබඳතාවය ආදිය කරුණු මුල්කොට තැනුණු නිර්මාණයකි.  
 - දොයි අම්මවර්තමාන කාර්යබහුල මව්වරුන්ගේ භූමිකාව දරුවන්ගේ අවධානයට යොමුකිරීමටත් එමගින් ඔවුන්ගේ කැපවීම ඇගයීමටත් සානුකම්පිත වීමටත් මෙම නිර්මාණය සැකසී ඇත.  
 - මගේ පුංචි රන්කැටීදරු නැළවිළි ගීතයකි. 
 - දැනුම මිණුම – (16 minutes)දරුවන්ගේ සාමාන්‍ය දැනුම වර්ධනය කරවීමට, ඒ සඳහා ආශාවක් ඇතිකරවීමට, සාමාන්‍ය දැනුම රසවත් කරවීමට, අසල්වැසි දරුවන් සමඟ තරඟ සංවිධානයට, නිවාඩු කාලයෙන් ප‍්‍රයෝජන ගැනීමට, ආදී කරුණු මුල්කරගෙන සකසා ඇත. 
 - මාර්ග අනතුරු –1-5කුඩා කල සිට මාර්ග අනතුරු පිළිබඳ ආරක්ෂාකාරී විය යුතු බව මතක් කරවීමටත්, එමගින් දරුවන්ගේ ඉල්ලීම දෙමව්පියන්ගේ මතකයේ රැඳවීමටත් මෙහි අදහස් කර ඇත.  
 - ටිකිරි ගී 1-52දරුවන්ගේ ආකල්ප, යහගුණ, යහපුරුදු, මානසික හා පෞරුෂ සංවර්ධනය, අරමුණුකොට නිර්මාණය වූ කුඩා ගී කණ්ඩ 52කි. 
 
	