පුංචි කාලෙ හරි ලස්සන පාට පාට ලෝකයක්
හීන අතර පීන පීන ඉගෙන ගනිමු අපි ගොඩක්

Cartoon DVD Gift Pack

ටිකිරි හපන්නු

Offers

Free Activities

FREE Kids Songs

Customer Feedback

About the Author

ජානකී සූරියආරච්චි යනු ළමා වියේදීම සාහිත්‍යකරණයට පිවිසුණු, ප‍්‍රතිභාපූර්ණ, සම්මානනීය ළමා සාහිත්‍ය ලේඛිකාවකි, චිත‍්‍ර ශිල්පිණියකි. විවිධ අංශයන්හි විවිධ දස්කම් දක්වන ඇය වයස අවුරුදු 8දී මුල්ම පොත ලියා ඇති අතර, එතැන් සිට මේ දක්වා සුවහසක් දරුවන්ගේ ආදරයට ලක්වූ කතන්දර පොත් 210 කට අධික ප්‍රමාණයක් ස්වතන්ත‍්‍රව නිර්මාණය කර ඇත. එපමණක් නොව ඇය විසින් නිර්මාණය කරන ලද “පිංචි ඇන්ඞ් ද ඇල්ෆබට්” “සෙල්ලම් පිල්ලම්” වැනි අධ්‍යාපනික චිත‍්‍රපට සහ “සිංදුපීඩියා” වැනි ළමා සජීවීකරණ නිර්මාණද, ළමා ලෝකය යහගුණෙන් චමත්කාරයෙන් පිරවීමට පමණක් නොව, අසීරු ඉගෙනුම් ඉලක්ක ඉතා රසවත්ව ඉක්මණින් ළඟාකර ගැනීමටද ඉමහත් රුකුලක් වී ඇත. බැංකු නිලධාරිණියක ලෙස වෘත්තීය ජීවිතය ආරම්භකළ ඇය පසුව ඉන් ඉවත්ව පූර්ණකාලීනව දරුවන් වෙනුවෙන් නිර්මාණකරණයේ නියැලූණාය.
ඇගේ නිර්මාණ සුවිශේෂ වන්නේ ලිවීමේ හැකියාව නිසාම පමණක් නොවේ. ඇය විවිධ විෂයන්හි තමා ලබා ඇති දැනුම, ඉතා සරල ලෙසත් ඉතා රසවත් ලෙසත් දරුවන්ට ඉදිරිපත් කරන ආකාරය ඉතා අපූරුය. සඳ තරු මල් සමනලූන් සුරංගනාවියන් ගැන පමණක් නොව, තාරකා විද්‍යාව, ග‍්‍රහලෝක, ජලචක‍්‍රය, ප‍්‍රභාසංස්ලේෂණ,ය හරිතාගාර ආචරණය, ආදී නොයෙක් විද්‍යාත්මක සෞඛ්‍යමය හා පාරිසරික සිද්ධාන්තයන්ද ඉතා රසවත් කතන්දර ලෙස ඉදිරිපත් කරයි. උදා; “පිටසක්වල කුමාරයා” “එන්න යන්න හඳ බලන්න” “වැහිළිහිණි පැටියා” “කෝ හඳමාමා” “අච්චාරු හෝටලේ” “පැස්තුඩු යානාව” “කෑම සූත්තරේ” “චූටික්කා පුතා කෝ” ඉන් කිහිපයකි.

Shopping cart