About Us

රටක වටිනාම සම්පත දරුවන්ය. රටක අනාගතය තීරණය වන්නේද ඔවුන්ගෙනි. අප කුඩා කල මෙන් නොවවත්මන් දරුවන් හැදී වැඩෙන්නේ සංකීර්ණ වටපිටාවකය. දරුවන් බහතෝරන්නේ තාක්ෂණ මෙවලම් සමඟය. කෙසේ වෙතත්ඔවුන්ගේ ළමා කාලය සුන්දර ලෙස අර්ථවත් කිරීම වැඩිහිටි අපගේ වගකීමකි. ඒ සඳහාදරුවන් වෙනුවෙන් කෙරෙන සුවිශේෂ නිර්මාණවලින් කළහැකි දේ අපමණය. එවන් අර්ථාන්විත නිර්මාණවලින් දරුවන්ගේ චර්යාවන්ගේ මෙන්ම සිතුම් පැතුම්වලද විශාල වෙනසක් කළහැක. 

    සාර්ථක ළමා සාහිත්‍ය කෘතියක් යනු අපූර්වත්වයචමත්කාරය මෙන්ම ගුණාත්මක බවද ඉතා රසවත් ලෙස සංකලනය වූ නිර්මාණයකි. දරුවන් එවන් රසවත් පොතක් කියවන්නේ වරක් දෙවරක් නොවේ. එවිට එහි ඇති වටිනා දේ ඔවුන්ගේ සිත් තුළ බොහෝ වතාවක් ධාරණය වේ. එතුළින් ඔවුන්ගේ දැනුමට රසවින්දනයට පමණක් නොවචරිත සංවර්ධනයටද අවශ්‍ය බොහෝ දේ ඉතා සාර්ථක ලෙස මනසේ සටහන් වේ. එබැවින් දරුවන් වෙනුවෙන් කෙරෙන නිර්මාණවල ගුණාත්මකභාවය ඉතාමත් වැදගත් වේ. 

එමෙන්ම රසවත් අර්ථාන්විත සජීවීකරණ නිර්මාණවලින්ද ළමාවිය සංවර්ධනයේ අපේක්ෂිත ඉලක්ක රැසක් ඉතා පහසුවෙන් ළඟා කරගැනීමට හැකි වේ. නමුත් රසවත් කාටූන් නිර්මාණ කොතෙක් තිබුණදහරවත් බව එක්වුණු නිර්මාණ සුලබව බිහිනොවීම කණගාටුවට කරුණකි. නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස සංකලනය කර නිර්මාණය කරන හරවත් ළමා කාටූන් තුළින්දරුවන්ගේ චිත්තවේගී හා පෞරුෂ වර්ධන සංකල්ප පමණක් නොව ඉතා අසීරු අධ්‍යාපන අරමුණුද ඉතාමත් සාර්ථකව ඉටු කළ හැකි වේ. 

දරුවන්ගේ අඩු වැඩි වශයෙන් ඇති විවිධ ගුණාංග හා ශක්‍යතාවන් ඵලදායී ලෙස පෝෂණය කරමින්අනාගතයේ දක්ෂ ප්‍රඥාවන්ත දරු පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් රටකට හා සමාජයකට ඇති වගකීමටිකිරි ආයතනයේ අපගේද වගකීම කොට සලකමු.  

ඒ අනුවආදරණීය දරු පරපුරක් බිහිකිරීමට නිහඩවම වෙහෙසෙනසම්මානනීය ළමා සාහිත්‍ය ලේඛිකාවක හා සිත්තරාවියක වන ජානකී සූරියආරච්චි නම් වූ ප්‍රතිභා පූර්ණ ශිල්පිණියගේවිවිධ මාධ්‍යයන් ඔස්සේ කෙරෙන පර්යේෂණ නිර්මාණ හැකි උපරිම ගුණාත්මකභාවයෙන් ඔබවෙත ගෙන ඒමටිකිරි කණ්ඩායමේ අපගේ මූලික කාර්යභාරයයි.  

එතුමියගේ ගමන්මග යමින්අනාගත ලෝකයට ශක්තිමත් සානුකම්පිත දරුවන් එක් කිරීමටත්ඔවුන් ආදරණීය වගකිවයුතු පුරවැසියන් බවට පත්කිරීමටත්හැකි සෑම අංශයකින්ම සහය වීම ටිකිරි අපගේ පරම වගකීම කොට සලකමු.  

ස්තුතියි 

ටිකිරි ප්‍රකාශකයෝ