පෙරවදන
මිනිසා ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී සත්වයෙකි. අප නිතරම සිතන්නේ අප ගැනමය. නිරතුරුව අන් අය ගැන සිතා කටයුතු කරන්නේ ඉතාම අතලොස්සකි. දරුවන්ද එසේමය. ස්වභාවයෙන්ම සිතන්නේ ”මට ඕනේ” ලෙසයි. එය වරදක් නොවේ. නමුත්, තමා ගැන පමණක් නොව අන් අයගේ සතුට ගැනද සිතන අය ඉතා ආදරණීය වේ. එවැනි මිනිසුන් සිටින පවුල මෙන්ම සමාජයද සුන්දරය. අනාගතයේවත් එවන් සුන්දර සමාජයක් ඇති කිරීම වෙනුවෙන් දැන් වැඩෙන දරුවා සුන්දර ආදරණීය දරුවෙකු කිරීමට අපට උත්සාහ කළ හැක.
මෙම ”චූටිගේ සාප්පු සවාරිය” එවැනි දරුවන් තනන්නට දැරූ පුංචි උත්සාහයකි. මෙම පොතට පාදක වන්නේ තමා මෙන්ම අන් අයගේ අවශ්‍යතා ගැනද ආදරණීයව සිතා කටයුතු කරන දරුවෙකි. ”මුදල්” නම් යමක් ඇති බවත්, භාණ්ඩ ගැනීමට එය අවශ්‍ය බවත්, අම්මාට තාත්තාට සියලූ දේ දිය නොහැකි බවත්, තමාට මෙන්ම පවුලේ අනික් අයටද අවශ්‍යතා ඇති බවත්, සිතන්නට දරුවා මින් පොළඹවයි. එසේම අන් අයගේ සිතුම් පැතුම්, කැමති අකමැති දේ විමසිල්ලෙන් දකින්නටත්, කීයක් හෝ ඉතිරි කළ යුතු බව සිතන්නටත්, මෙයින් දරුවා පොළඹවයි. ඒ සඳහා දෙමව්පිය ඔබේ කාරුණික සහයත් ඉතාම වැදගත් වේ.
ජානකී සූරියආරච්චි
04-08-2011