Hotline: 0777997774
Login / Register
Sign inCreate an Account

Lost your password?

Wishlist
Hotline: 0777997774
Tikiri Storyland
  • HOME
  • ALL BOOKS
    • Books by Language
      • English
      • Tamil
      • සිංහල
    • ළමා කතන්දර
    • ගීත කතන්දර
      • ගී පොත
      • ගීත නාටක
    • Work Books
  • DVDS
  • SHOP
  • ABOUT US
  • AUTHOR
  • MORE
    • FREE ACTIVITIES
    • FREE CARTOON CLIPS
    • TIKIRI HAPANNU
    • EVENT & CSR
    • CONTACT
0 items LKR 0.00
Menu
Tikiri Storyland
0 items LKR 0.00
Click to enlarge
Home Age Baby - 3 Pinchi – 2 “Sellam Pillam”
අතේ හුරුව
අතේ හුරුව LKR 600.00
Back to products
It’s Amma’s birthday tomorrow
It’s Amma’s birthday tomorrow LKR 300.00

Pinchi – 2 “Sellam Pillam”

LKR 1,500.00

Other Name: පිංචි -2 "සෙල්ලම් පිල්ලම්"

Add to wishlist
Share:
  • Description
  • Additional information
Description

හැඳින්වීම 

”පිංචි ඇන්ඞ් ද ඇල්ෆබට්”හි 2 වන කොටස එනම් අකුරු ඉගෙනීමේ දෙවන අදියර “සෙල්ලම් පිල්ලම්” ලෙස මෙසේ ඔබ අතට පත්වේ. පුරා වසර දෙකක් තුළ නිර්මාණය කරනු ලැබූ මෙය, මුල් චිත‍්‍රපටයේ මෙන්ම සාම්ප‍්‍රදායික ඉගෙනුම් ක‍්‍රමශිල්පවලින් තරමක් බැහැරව, බහුමාධ්‍ය තාක්ෂණය සමඟ නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක‍්‍රමශිල්ප සියුම්ව භාවිතා කරමින්, ළමා සිත් ආලෝලනය වන අයුරින්, සැහැල්ලූ සංගීතමය විනෝදාත්මක ඉගැන්වීම් කලාවක් භාවිතා කර ගොඩ නඟා ඇත. ළමා වියේ දඟකාරකම් මෙන්ම වීරත්වය, ස්ථානෝවිත ප‍්‍රඥාව, සංවේදීබව, ඉදිරිපත්වීම, අනුනට උපකාර කිරිම, නොපසුබට උත්සාහය, වගකීම් දැරීම ආදී යහගුණ හා පෞරුෂ වර්ධන සංකල්ප ගොඩනංවමින් මෙය නිර්මාණය වී ඇත. එමෙන්ම මුල් චිත‍්‍රපටයට වඩා තරමක් වෙනස් ආකාරයට, පිංචි ඇතුළු පිරිස කතන්දර මාලිගාවක් සොයා යන ගමනේ සතුට, කුතුහලය, ජයග‍්‍රහණය හා වීරත්වයෙන් පිරි කතාවක් ඔස්සේ මෙහි මූලික ඉගෙනුම් අරමුණු කරා ගොස් ඇත. අකුරු ඉගෙනීම වෙහෙසකර කටයුත්තක් නොව ඉතා විනෝදජනක කටයුත්තක් බවට පත් කරවීමට මෙන්ම, අකුරු ඉගෙනීමෙන් අපූරු දේ දැනගැනීමට හැකිවන ආකාරයත් පොතපත කියවීමට කුතුහලය පිරි ආශාවකුත් ඇති කිරීමට මෙහි විශේෂයෙන් උත්සාහ දරා ඇත. අපමණ බාධක දුෂ්කරතා මැද වුවද මෙම චිත‍්‍රපටය මා හට හැකි ඉහළම මට්ටමින් මෙසේ නිමකිරීමට හැකිවීම සැබැවින් ශී‍්‍ර ලාංකීය දු පුතුන්ගේම භාග්‍යයක් යැයි සිතමි.  

වසර පහක් පුරා අපමණ උත්සාහයෙන් නිර්මාණය කරනු ලැබූ මාගේ “පිංචි” අධ්‍යාපන පර්යේෂණ චිත‍්‍රපට තුළින්, දරුවන්ගේ මූලික ඉගෙනීම් නිපුණතාවයන් මෙතරම් සාධනීය ලෙස පහසුකරනු දැකීම ඉමහත් සතුටට කරුණකි. විශාල කාල පරාසයක්, මානසික පීඩනයක් හා බොහෝ දරුවනට ඉතා වෙහෙසකර කටයුත්තක් වූ අකුරු ඉගෙනීම, පිංචි චිත‍්‍රපට තුළින් ඉතා සතුටින්, කිසිදු බලපෑමකින් තොරව ඉතාමත් කෙටි කාලයකින් සිදුකිරිමට හැකිවීම, සැබැවින්ම මා පමණක් නොව ශී‍්‍ර ලාංකීය අධ්‍යාපන ක්ෂේත‍්‍රයම ලැබූ ජයග‍්‍රහණයකි. පිංචි තුළින් දරුවන් ඉගෙනීමට ගතකරන කාලය සාර්ථකව අවම කිරීමෙන්, ළමාලොවේ සුන්දරත්වය හා චමත්කාරය විඳගැනීමට වැඩි ඉඩක් සැලසීම ආදී මූලික අරමුණුවලට අමතරව අප ලැබූ අනෙකුත් ප‍්‍රතිඵල බොහොමයකි. අකුරු ඉගෙනීම පමණක් නොව, ක‍්‍රමයෙන් අභාවයට යන්නේ යැයි සැළකෙන සිංහල භාෂාව අනාගත දරුවන්ගේ නොමඳ ආදර ගෞරවයට පත්වීමද, අප මෙතුලින් ලැබූ විශේෂ අතුරු ඵලයකි. එමෙන්ම, ඉංග‍්‍රීසි හෝඩිය කටපාඩමින් කීවද සිංහල හෝඩිය එසේ කීමට නොහැකිව බොහෝවිට පැකිළෙන වැඩිහිටි අප අතරේ, යන්තමින් බහතෝරන පොඩිත්තන් පවා සිංහල හෝඩිය කටපාඩමින්, එක හුස්මට කියනු දැකීම අතිශය සතුටට කරුණකි.  

මෙම DVD පටය සමඟ තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලූත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරිම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදී නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරිමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.  

  • ජානකී සූරියආරච්චි 
Additional information
Other Name: පිංචි -2 "සෙල්ලම් පිල්ලම්"
Barcode: 9-789556-820324
Size: A4
Inside the Box: DVD disk, DVD casing, Book 1, Book 2, Book 3, Book 4, Book 5
Weight 650 g

Related products

Sold outHot
Quick view
Add to wishlist

හඳහාවා මගේ අතේ

LKR 300.00
Read more
Sold out
Quick view
Add to wishlist

ඉත්තෑ පුංචා

LKR 0.00
Read more
Quick view
Add to wishlist

චුට්ටං බට්ටිච්චා

LKR 400.00
Add to cart
Sold out
Quick view
Add to wishlist

සමදරා

LKR 0.00
Read more
Sold out
Quick view
Add to wishlist

චණ්ඩි උඩගිය හැටි

LKR 0.00
Read more
Quick view
Add to wishlist

කොහොල්ලෑ නරිහාමි

LKR 300.00
Add to cart
Hot
Quick view
Add to wishlist

බුහුකි

LKR 450.00
Add to cart
Sold out
Quick view
Add to wishlist

සරුංගල් බිංදු

LKR 0.00
Read more
Quick Links
  • The Author
  • Tikiri Publishers (PVT) LTD
  • Tikiri Animations Channel
  • Share With Others
  • Write a Review
Customer Care
  • Bookstore
  • My Account
  • Shipping – Worldwide
Contact Details
111, Borella Road, Pannipitiya,
Sri Lanka.
0777 997774
[email protected]
Privacy Policy | Shipping Policy | Return Policy
©2000-2021 Tikiri Publishers (Pvt) Ltd | All Rights Reserved
Powered by One Day Digital
payments
  • HOME
  • ALL BOOKS
    • Books by Language
      • English
      • Tamil
      • සිංහල
    • ළමා කතන්දර
    • ගීත කතන්දර
      • ගී පොත
      • ගීත නාටක
    • Work Books
  • DVDS
  • SHOP
  • ABOUT US
  • AUTHOR
  • MORE
    • FREE ACTIVITIES
    • FREE CARTOON CLIPS
    • TIKIRI HAPANNU
    • EVENT & CSR
    • CONTACT
  • Wishlist
  • Login / Register
Shopping cart
Close